Tourism Hotline: 1912

ශ්‍රී ලංකා-චීන මිතුදම වර්ධනය කරමින් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ගෞරව මහාචාර්ය ධූරයකින් පිදුම් ලබයි.

( Posted on May 15, 2025 )

 

 චීනයේ ශිෂුවාන් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී එහි ආදි විද්‍යාර්ථයකු (ආචාර්ය උපාධිදරයකු) වූ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ගරු රුවන් රණසිංහ මහතා ගෞරව මහාචාර්ය ධූරයකින් පිදුම් ලැබීමේ විශේෂ උත්සවයක් පසුගියදා පැවැත්වුණි.

මෙම උත්සවය සංවිධානය කර තිබුණේ ශිෂුවාන් විශ්ව විද්‍යාලීය ඉතිහාස සහ සංස්කෘතික අධ්‍යයන අංශය මගිනි. තම විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නිමකළ  විදේශීය ශිෂ්‍යයෙකු ප්‍රථම වරට  සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ධුරයකට පත්වීම පිළිබඳ   සුභපැතුම් පිරිනමමින්  සහ සංචාරක පාරිසරික සංස්කෘතික සහ සංවර්ධන ක්ෂේත්‍රයන් විෂයෙහි  ඒ මහතා   කරන ලද සේවය උදෙසා මෙම විශේෂ සම්මානයට පාත්‍ර විය.

 2017 වර්ෂයේ සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කළ රුවන් රණසිංහ මහතා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සංචාරක අධ්‍යයන අංශය ආරම්භයේදී ප්‍රථම අංශ ප්‍රධාන මහාචාර්යවරයා ලෙසද, නව රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරය භාරගන්නා තෙක්ම සරසවියේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති ලෙසද කටයුතු කළේය. 

 ශිෂුවාන් විශ්ව විද්‍යාලයේ  පාලක කමිටුව  මෙම මහාචාර්ය පදවිය  පිරිනමිමන් සඳහන් කළේ  මෙය හුදෙක් රුවන් රණසිංහ මහතා සම්මානයට පාත්‍ර කිරීමක් පමණක් නොවන බවත්,  දෙරට අතර පවතින ජාත්‍යන්ත්‍රික මිතුදම  තවත් ශක්තිමත් කිරීම සඳහා වන චීනයේ කැපවීම තවදුරටත් ඉස්මතු කරන සුවිශේෂී අවස්ථාවක් වන බවත්ය.

ශ්‍රී ලාංකීය සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය , තිරසාර සංකල්පයන්ට අනුකූලව නව මාවතක් ඔස්සේ ඉදිරියට ගෙන යෑමට මහාචාර්ය රුවන් රණසිංහ මහතාට ඉතා විශාල වගකීමක් හිමි වන බව උත්සවය අමතමින් චීන රජයේ පාලක පක්ෂ කමිටුවේ නියෝජ්‍ය ලේකම් Li  Zheng chi  මහතා පැවසීය . මෙම උත්සව අවස්ථාව සඳහා පාලක පක්ෂ සහ  විශ්ව විද්‍යාල කටයුතු ආයතනයේ අධ්‍යක්ෂ  Liao Yu මහතා  සමග  ජාත්‍යන්තරය කටයුතු  අංශයේ අධ්‍යක්ෂ Li Zhiqiang මහතා සහ  ශිෂුවාන් විශ්ව විද්‍යාලයේ ඉතිහාස සහ සංස්කෘතික  අධ්‍යයන අංශයේ  පීඨාධිපති Lv H ongliang මහතා ඇතුළු දෙරටේම  ප්‍රධාන පෙළේ  දූත පිරිසක් සහභාගී  විය.

 

ශිෂුවාන් සරසවිය ලොව  පිළිගත් විශ්ව විද්‍යාල 100 අතරේ  සිය කීර්ති නාමය හොබවන අතර චීනයේ ප්‍රධාන සරසවි  03 අතර ස්ථානගතවෙයි. මෙම විශේෂ අවස්ථාවෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා එම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ විශේෂ  සාකච්ඡාවකට ද සහභාගි විය.



More News



For site suggestions and errors, please contact feedback   |   Please use Downloads page to get the required software for this site